කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු 03ක් බඩුත් සමඟ මාට්ටු…

0
458

කොළඹ නගරයේ සමාජ ශාලා ආශ්‍රිතව සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු මත්පෙති සහ මත්කුඩු තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එස්ට්‍රසි වර්ගයේ මත්පෙති 49ක් සහ එල්.එස්.ඞී. මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 200ක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ප්‍රධාන රෙදි පිළි නිෂ්පාදන ආයතනයක කළමනාකරුවෙකු බව සදහන්.

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මෙම ජාවාරමට සම්බන්ධ නොමැති බව අනාවරණ වීම හේතුවෙන් මුදා හැර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here