කොළඹ මහාධිකරණය විසින් රාජගිරිය රිය අනතුරේ පාඨලී ඇතුලු තිදෙනාට අධි චෝදනා භාර දෙයි

0
329

රාජගිරිය රිය අනතුර සම්බන්ධ නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස, පා. ම. පාඨලී චම්පික ඇතුළු විත්තිකරුවන් 3ක් ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය නඩුව විභාගයට ගැනීමට අද නියෝග කළා.

එම නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුලු විත්තිකරුවන් 03 දෙනාට කොළඹ මහාධිකරණයේදී අධි චෝදනා භාරදී තිබෙනවා.

නඩු විභාගය පැවැත්වෙන්නේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදීයි.

එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩල සහ එවකට පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර යන අය මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here