කොළඹ මහ නගර සභාවේ ප්‍රශ්නයක් ගැන රනිල් අගමැතිට කියයි

0
292

ජනතාවට සහන ලබා දීමට අදාල කාරණයක් සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ නාගරික කොමසාරිස්වරයා අතර විශාල ගැටළුවක් පැන නැගී ඇතැයි ද ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8)පැවසීය.

“අගමැති තුමා මෙහි ඉන්න නිසා මා මෙම ඉල්ලීම ඉදිරිපත් කරනවා. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ඇතුළු දෙපැත්තේම ඉන්න නාගරික සභිකයන් සහ නාගරික කොමසාරිස් අතර විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා .ඒ සහන ලබාදීම සම්බන්ධවයි. සහන ලබාදීමට සෑමදෙනාම එකඟ නිසා මේ කණ්ඩායම් කැඳවා සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන්නැයි අගමැතිතුමාට මා යෝජනා කරනවා” යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here