Saturday, September 21, 2024

කොළඹ මුස්ලිම් සිංහල දෙපිරිසක් අතර ගැටුමක්

කොළඹ ග්‍රැන්ඩ්පාස් පුංචි හරක්වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් ජාතිවාදී ගැටුමක් කරා දුරදිග යාමට ඉඩ නොදී ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සමථයට පත්කර තිබේ.

පෙරේදා (20 වැනිදා) සවස 05ට පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ එම ප්‍රදේශයේ දෙපිරිසක් අතරය.

හරක්වත්ත ප්‍රදේශයේ වාහන දෙකක් එකිනෙක දෙපසට ගමන් කළ නොහැකි පටු මාර්ගයක පිහිටි නිවෙසකට පැමිණි ත්‍රිරෝද රථයක තිබූ දුරකතනයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබිණි.

නිවැසියන් එය දැක එම පුද්ගලයින් නවතා ප්‍රශ්න කර දුරකතනය ලබාගෙන ඇති අවස්ථාවේ දී එම මාර්ගයේ වාහන තදබදයක් සිදුව ඇත. එම අවස්ථාවේදී තදබදයට හසුවූ වාහනයක පැමිණි එම ප්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයින් කිහිප දෙනෙකු එම පිරිස හා බහින්බස් වීමක් ඇති කරගෙන එය ගැටුමක් බවට පත්ව ඇත.

මෙය සිංහල හා මුස්ලිම් ජාතිකත්ව ගැටුමක් දක්වා දුරදිග යන්නට ගොස් තිබුණු අතර ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක රුවන් විජේසිංහ කඩිනමින් එම ප්‍රදේශය වෙත පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පිටත් කර හැර පිරිස විසුරුවා හැරීමට පියවර ගෙන තිබිණි.

ඒ අනුව ගැටුමටට මුල පිරූ හරක් වත්ත ප්‍රදේශයේ තරුණයින් සිව් දෙනා ඔවුන්ගේ දෙමාපියන්ද සමගින් පොලිසියට ගෙන්වා දැඩිසේ අවවාද කර ගැටුම සමතයකට පත්කිරීමට කටයුතු කර තිබුණු අතර පියවරුන් විසින් මෙම තරුණයින්ට පොලිසිය තුළදීම පහරදී දඬුවම් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles