Monday, January 13, 2025

කොළඹ වරායේ නැගෙනහිර බහාලුමි පර්යන්තයේ දෙවන අදියර සංවර්ධනය කිරීම චීනයට දෙයි

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) II අදියර සංවර්ධනය කිරීම සඳහා සීමාසහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) තෝරාගෙන ඇත.

නැඟෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක වන පර්යන්තයක් ලෙස අදියරෙන් අදියර සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ II අදියර සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබුණි.ඒ සඳහා ලංසු තුනක් ලැබී ඇති බව රජය පවසයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත එම ප්‍රසම්පාදනය සීමාසහිත Access Engineering සමාගමට සහ China Harbour Engineering Company වෙත ප්‍රදානය කිරීමට වරාය සහ නාවික අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ඉන්දියාව මීට පෙර ජපානය සමඟ උපායමාර්ගිකව නැගෙනහිර පර්යන්තය ඉදිරිපත් වුවත් මතුවූ විරෝධතාව හමුවේ    වත්මන් රජය ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට පිරිනැමීමට තීරණය කර ඇත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles