Monday, September 23, 2024

කොළඹ වරාය නගරයේ ඡායාරූප – වීඩියෝ ගත්තොත් ගාස්තු අයකෙරේ

කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබේ.


මෙහිදී පෞද්ගලික සහ ව්‍යාපාර ලෙස කාණ්ඩ දෙකක් යටතේ ගාස්තු අයකරන බවත් පෞද්ගලික කාණ්ඩයේ පුද්ගලයන් දෙකේ සිට පහක උපරිමයට රුපියල් 30,000 ක් ද, පුද්ගලයන් හයේ සිට 10 කට රුපියල් 50,000 ක් ද, පුද්ගලයන් 10 කට වැඩිනම් ගාස්තුව වෙනස් වන බවත් වරාය නගර සමාගම පවසයි.


ව්‍යාපාරික කාණ්ඩයේ පුද්ගලයන් 10 කට අඩු නම් රුපියල් ලක්‍ෂයක් ද, පුද්ගලයන් 10 කට වැඩි නම් ගාස්තුව වෙනස් වන බවත් මෙම කාණ්ඩ දෙකටම එක අවස්ථාවකදී පැය තුනක කාලයක් හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් කියයි.

කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබෙනවා.

පෝට් සිටි නිල වෙබ් අඩවියේ (portcitycolombo) මේ පිළිබඳ මිල ගණන් ප්‍රසිද්ධ කර තිබෙන අතර වීඩියෝ ශිල්පීන් සහ කැමරා ශිල්පීන්ට ඊට අදාල අයදුම් පත්‍රයද එහි දැක්වෙනවා.

විශේෂත්වය වන්නේ එම අයදුම්පත්‍රය අනුව අදාල මුදල් ගෙවීම කළ යුත්තේ චීන බැංකුවේ කොළඹ ශාඛාවේ කොළඹ පෝට් සිටි පුද්ගලික සමාගමේ ගිණුමටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles