කොළඹ වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලූ යාත්‍රා අංගනය අද සිට මහජනයාට විවෘතයි

0
339

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව අද සිට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා ජනතාව වෙනුවෙන් විවෘත වෙි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා දී තිබේ.

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලූ යාත්‍රා අංගනය ඊයේ (09) විවෘත කෙරුණි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මේ වන විට දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here