Sunday, September 22, 2024

කොළඹ වරාය නගරය තුල ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර

ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා මේ බව කියා සිටියි.

ඉදිරියේදී වරාය නගර පරිශ්‍රය සිදුකරන විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම මුදල් ඒකක ඇතුලත් කිරීමට කටයුතු කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ඇමරිකානු ඩොලර් ඇතුළු විදේශ මුදල් ඒකක ද ඩිජිටල් මුදල් ඒකක ද මෙහි භාවිතය සඳහා අවසර ලබාදීමට සැලසුම් කර ඇත.

මේ අතර ක‍්‍රිප්ටොකරන්සි මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනාවක් ද අනුමත වී ඇති අතර ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.

කමිටුවේ අවසන් වාර්තාව 2022 ජුනි මස 30 දින වන විට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ කැබිනට් තීරණය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles