කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට
මුරුත්තෙට්ටුවේ හිමියෝ සුදුසු නෑ – GMOA සිය විරෝධය පළ කරමින් ජනපතිට ලිපියක් යවයි

0
541

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සදහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පිළිබදව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය විරෝධය ප‍්‍රකාශ කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ මෙරට පළමු විශ්ව විද්‍යාලය බවත්, එමෙන්ම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පවතින විශ්ව විද්‍යාලය බවත් පවසන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, එම නිසාම කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය දැරිය යුත්තේ ශාස්ත‍්‍රාලයීය සුදුසුකම් සපුරා ඇති අයෙකු බවත්, මුරුත්තෙට්ටුවේ හිමියන්ට එම සුදුසුකම් ප‍්‍රමාණවත් ලෙස නැති බවත් පවසයි.

එබැවින්, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සදහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීමට ගත් තීන්දුව පිළිබදව යළි සලකා බලන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here