Monday, November 18, 2024

කෝච්චියේ වැදිලා විසිවෙලා ගෙටම ආවා-කැලණිය, වනවාසල දුම්රිය අනතුර (වීඩියෝ)

කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී අද (01) උදෑසන යුද හමුදා බස් රථයක්, මහනුවර සිට කොටුව බලා ධාවනය වු ශීඝ්‍රගාමි දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

උදෑසන 9.20ට පමණ අනතුර සිදුව ඇති අතර, විදුලි සංඥා ක්‍රියාත්මකව තිබිය දී බස් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කරවීමට උත්සහ දරා ඇත.

එහිදී දුම්රියේ ගැටුණු බස් රථය ඇදී ගොස් අසල තිබු කඩයක තුළට කඩා වැදී තිබේ.

බස්රථය වැදීමෙන් එම ස්ථානයේ ලොතරැයි අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් හා එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරට පත් ලොතරැයි අලෙවි කළ පුද්ගලයාගේ බිරිඳ අප සමග පවසා සිටියේ, 

“එපා කියද්දි බස් එක දැම්මේ. කෝච්චියේ වැදිලා විසිවෙලා ගෙටම ආවා. මහත්තයා එතැන ඉස්සරහා ලොතරැයි විකුණ විකුණ හිටියේ. ඒ මනුස්සයාව බස් එකට හිරවුණා. ළමයි තුන්දෙනත් ගේ ඇතුළේ හිටියේ. බස් එක එනවා දකිද්දී තමයි පිටිපස්සෙන් යන්න කියලා එලෙව්වේ.“ යනුවෙනි.

රාගම රණවිරු සෙවණේ සිට කැලණිය දක්වා ධාවනය වෙමින් තිබී ඇති බස් රථය කුලී පදනම මත යුද හමුදාව ලබාගෙන ඇති අතර එහි රියදුරු සමග යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් එහි ගමන් කරමින් සිටි බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලීසිය විසින් සිදුකරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles