කෝටි 300ක හාල් ගැහිල්ලක්

0
746
වසර 2014 දී සිදු වුනු රුපියල් කෝටි 300 ක සහල් වංචාවක් පිළිබදව කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් වී ඇත.
මෙයට අදාළ විමර්ශන කටයුතුආණ්ඩුව කඩිනමින් අරඹනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

මේ සම්බන්ධයෙන් පසුගිය රජයේ ,අදාළ විෂය භාර ඇමැතිවරයා සහ එම සහල් තොග මෙරටට ගෙන්වීම සම්බන්ධව කටයුතු කළ කණ්ඩායම පිළිබඳවද මෙම වාර්තාවේ සඳහන්ය.
මෙම කණ්ඩායම , සහල් මෙට්‍රික්ටොන් 2,50,000ක් ගෙන්වා රටට විශාල පාඩුවක් සිදු කැර ඇතැයිද කෝප් වාර්තාවේ සඳහන්ව ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන බවත් තරා තිරම නොබලා මේ අය නීතිය හමුවට පමුණුවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහින්ද අමරවීර මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here