Saturday, September 21, 2024

කෝටි 300ට වූ දෙය වහාම සොයන්න – විදුලිබල ඇමැති

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අරමුද‍ලේ රුපියල් කෝටි 300ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීමෙන් පසු එම මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ වහාම කඩිනම් කරන ලෙස අදාළ  බලධාරීන්ට දැනුම් දුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.  සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ වහාම කඩිනම් කරන ලෙස අදාළ බලධාරීන්ට දැනුම් දුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ අදහස් පැවැසුවේ විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් මෙයට සම්බන්ධ පුද්ගලයන්ගේ තරාතිරම් නොබලා නීතිමය පියවර ගන්නා බවද පැවැසූ අමාත්‍යවරයා අතුරුදන් වූ මුදල නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය. ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල සඳහා වෙනමම භාරකාර මණ්ඩලයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය. lakbima

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles