Tuesday, September 24, 2024

කෝටි 39,700ක් ගිල්ල තදබදයක්

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය තදබදය නිසා 2015 වර්ෂයේදී රුපියල් කෝටි 39,700ක පමණ අලාභයක් සිදුව තිබෙන බව ප්‍රවාහන විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ පිළිබඳව විශේෂයෙන් අධ්‍යනය කරන මහාචාර්ය අමල් කුමාරගේ මහතා පෙන්වා දී තිබෙන්නේ මාර්ග පළල් කිරීම හෝ අධිවේගී මාර්ග ඉදිකිරීම රථවාහන තදබදයට කිසිදු විසඳුමක් නොවන බවයි. මාර්ග පුළුල් කිරීමෙන් විසඳුම් සෙවීමට ගිය චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් සියල්ලම දැඩි අර්බුද රැසකට පත්ව සිටින බව පෙන්වා දී ඇත.

ප්‍රශ්නයට විසඳුමක් ලෙස පොදු මගී ප්‍රවාහන සේවාව සැලසුම්සහලතව ශක්තිමත් කළ සිංගප්පූරුව ඇතුළු රටවල් ඉතා සාර්ථක අන්දමින් ප්‍රශ්නයට පිළියම් යොදා ලෝකයට ආදර්ශ සපයා දී තිබෙන බව පෙන්වා දී ඇත. දැනට පවතින තත්වය තුළ පෞද්ගලික ප්‍රවාහන රථ ලබා ගැනීමෙන් ගමනාගමන පහසුකම් සපයා ගැනීමෙන් තවත් වාහන 10%ක් බස්නාහිර පළාතෙන් එකතු වුවහොත් ධාවන වේගය පැයට කිලෝමීටර් 06 දක්වා අඩු විය හැකි බව අනතුරු අඟවා තිබේ.

රට හමුවේ තිබෙන මෙම බරපතල ප්‍රශ්නයට වාද්‍යාත්මක විසඳුම් 190 දශකයේ මුල සිට පර්යේෂකය් ඉදිරිපත් කළද කිසිදු ආණ්ඩුවක් ඒ පිළිබඳව අවම හෝ අවධානයක් යොමු කර නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles