කෝටි 8ක පරිගණක මෘදුකාංගයක් කුණු ගොඩට – කෝපා කමිටුවෙි දෝෂ දර්ශනයට

0
414

රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් වැය කර සකස් කර ඇති පරිගණක මෘදුකාංගයක් භාවිතයට නොගෙන අතහැර දැමීමේ සිද්ධියක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

කෝපා කමිටු වර්තාවක දැක්වෙන අන්දමට මෙම පරිගණක පරිගණක මෘදුකාංගය සකස් කර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරෝකතන වැඩසටහන සඳහාය.

එම ගිණුම් කාරක සභාව මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් සකස් කෙරුණු මෙම මෘදුකාංගය ප්‍රායෝගික ගැටලු නිසා භාවිතයට ගත නොහැකිවී ඇති බවයි.

එසේ වුවත් පොහොර සහනාධාරය ලබා දීමේදී මෙය භාවිතා කරන බව එම ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here