Friday, January 10, 2025

කෝප් වාර්තාව හෙට මැතිසබයට අර්ජුනට එරෙහිව නීතිමය පියවර

චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචාවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වගකිව යුතු බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෙට (25 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කෝප් කමිටු සාමාජිකයෙක්‌ ඊයේ (23 දා) ‘දිවයින’ ට හෙළි කළේය.

කෝප් කමිටුවට ලැබුණු තොරතුරු අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා බැඳුම්කර සිද්ධියට වගකිsව යුතු බවට හෙළි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඇති නිර්දේශයට කෝප් සාමාජිකයන් බහුතරය එකඟතාව පළ කළ බවද එම කෝප් කමිටු සාමාජිකයා කීවේය.

කෝප් කමිටුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් මුල සිටම බැඳුම්කර වංචාවක්‌ සිදු නොවූ බවට සහ ඒ සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා වගකිව යුතු නැති බවට නිර්දේශ කර ගැනීම සඳහා දිගින් දිගටම උත්සාහ කළ බවද ඒ නිසා ඔවුන් මේ වංචාවට අර්ජුන මහේන්ද්‍රන් මහතා වගකිව යුතු බවට ඇති නිර්දේශ සංශෝධනය කර ගැනීම සඳහා අවසන් මොහොත දක්‌වාම බලවත් උත්සාහයක නිරත වූ බවද එහෙත් ඔවුන්ගේ එම උත්සාහය අසාර්ථක වූ බවද ඔහු කියා සිටියේය.

බැඳුම්කර සිද්ධියට අර්ජුන මහේන්ද්‍රන් මහතා වගකිව යුතු බවට ඇති නිර්දේශ ආණ්‌ඩු පක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරුන්, ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්‌ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු කෝප් කමිටුවේ සාමාජික බහුතරය විසින් අනුමත කර ඇති බැවින් එම කෝප් වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හෙට (25 දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම කෝප් කමිටු සාමාජිකයා තවදුරටත් “දිවයින”ට කීවේය.

සාමාජිකයන් බහුතරය අනුමත කළ මෙම කෝප් කමිටු වාර්තාවට එකඟ නොවූ කෝප් සභාවේ එජාප මන්ත්‍රීවරුන් විසින් මේ සම්බන්ධයෙන් වෙනම වාර්තාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය- උපුටා ගැනීම දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles