Friday, January 17, 2025

ක‍්‍රිකට් ක්‍රීඩාවට කරන ආයෝජන අනෙකුත් ක‍්‍රීඩාවලට සිදු කරන්න

රටක් ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩාවලට මෙන්ම අනෙකුත් ක‍්‍රීඩාවලට ද අත දිය යුතු බවත්, 2020 දී පැවැත්වෙන සාෆ් ක‍්‍රීඩා උළෙල සඳහා මුළු රටම ජව සම්පන්න කළ යුතු බව ක‍්‍රීඩා අමාත්‍යවරයාට යෝජනා කළ බවද අමාත්‍ය චම්පික රණවක මැතිතුමා සඳහන් කරයි.
මලල ක‍්‍රීඩා ක්‍ෂෙත‍්‍රයත්,පාපන්දු, දැල්පන්දු, අත්පන්දු ආදි සෑම ක‍්‍රීඩාවකින්ම රට ඉදිරියට ගත යුතු බවත්, කි‍්‍රකට් වලට තිබෙන අනවශ්‍ය උනන්දුව, උන්මාදය අනෙක් ක්‍ෂෙත‍්‍රවලට ගමන් කිරීම මඟින්  අඩුම තරමින් ආසියානු මට්ටමේ හෝ ජයග‍්‍රහණ ලබාගත හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ක‍්‍රිකට් ක්‍රීඩාවට කරන ආයෝජන අනෙකුත් ක‍්‍රීඩාවලට ද සිදු කළයුතු බවද අමාත්‍යවරයා යෝජනා කර සිටියේය.
ලෝකයේම ජනප‍්‍රිය ක‍්‍රීඩාව වන පාපන්දු ක‍්‍රීඩාවට උනන්දු වෙමින් ගමන් කළහොත් ආසියානු කලාපයේ විශිෂ්ඨ තැනකට රට ගෙන ඒමට හැකි බවත්, මෙම රට පුංචි රටක් උනත් එමගින් ලෝකයේ අභිසෙස් ලැබීමට හැකි වන බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
ලංකාවේ මෙම භූගෝලීය පිහිටීම පාවිච්චි කර අන්තර්ජාතික ක‍්‍රීඩකයින් සහභාගීවන තරඟ පවත්වන රටක් බවට පත් කළ යුතු නමුත් ඒ සඳහා වියදම් කිරීමට අවාසනාවකට  රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික අංශද මැලිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, තායිලන්ත තරඟ සංචාරයකට සහභාගී වීමට නියමිත ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පාපන්දු කණ්ඩායම සහ කැරම් කණ්ඩායමට සුභපැතුම් එක්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles