Sunday, September 22, 2024

ඛණිජ තෙල් ඇමතිගේ දිනක ඉන්ධන වියදම රු. 25000/- ක්.

පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කර සිටියේ, “තමාට ලබාදී ඇත්තේ ස්වර්ණ ගුණවර්ධන මහතා අමාත්‍යධූරය දැරූ කාලයේ ඔහු භාවිතා කළ මෝටර් රථය බවත්, එහි ප්‍රෙට්‍රල් වැඩකරන්නේ ලීටරයකට කිලෝමීටර් තුනක් පමණක්” බවයි.

එම මෝටර් රථයෙන් ගල්ලේ මළ ගෙවල් දෙකතුනකට ගොස් පැමිණි විට රුපියල් 25,000ක් පමණ දිනකට වැයවන බවත් ඔහු සඳහන් කර සිටියා. ලීටරයකට කිලෝමිටර් 14ක් වත් වැඩකරණ මෝටර් රථයක් ගැනීමට උත්සාහ කරන්නේ එම හේතුව නිසා බවයි ඔහු කියන්නේ.

එම සංවාදයට එක් වූ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, තමාට හා නියෝජ්‍ය ඇමතිවරයාටත් කිසිදු වාහනයක් නොමැති බව සඳහන් කරලා.

මේ අතර එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, “පුවත් පත්වල පලව ඇති කතා තමා නොදන්නා බවත්, කෙසේවුවද තමා කිසිවකුට මෝටර් රථ නොගන්න යැයි පවසා නෑ” කියාය. “වාහන නොදිය යුත්තේ ෆේස්බුක්වල වාහන එපා යැයි ඇඩ් දැමූ ඇමතිවරුන්ටයි” බවත් අගමැති පවසා සිටියා.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles