Tuesday, September 17, 2024

ඛණිජ තෙල් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි!

ඛනිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ

එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂය ඡන්ද 17ක් ලැබුණි.

ඉන්ධන ආනයනය, සැපයීම සහ බෙදාහැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා ලබාදීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

නමුත් මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා පෙත්සම් තුනක් ඉදිරිපත් වූ අතර එය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දුන්නේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව සම්මත කරගැනීමට කටයුතු කරන බව විෂයභාර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

එම පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීමට තීරණය කළ අතර ඊට විරෝධය පළකරමින් ඛනිජ තෙල් සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වුණි.

ඒ අනුව කොලොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් ඊයේ අසනීප නිවාඩු වාර්තා කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles