ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

0
296

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපති ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා පත්කර ඇත. ඒ හිටපු සභාපති නාලක පෙරේරා එම ධූරයෙන් ඉවත් කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ලෙස අමාත්‍ය අලි සබ්රිගේ සොයුරු මොහොමඩ් උවයිස් පත්කරනු ලැබූ අතර අනතුරුව බලශක්ති අමාත්‍යවරයාව සිටි උදය ගම්මන්පිල විසින් ඔහුව ඉවත්කර නාලක පෙරේරා පත්කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here