Friday, January 24, 2025

ඛනිජ තෙල් විභාගයේ ප්‍රශ්න පත්‍රය ගාලු දුවයි…

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක සහකාර නව බදවා ගැනීම් තරග විභාගයේ ප්‍රශ්න පත්‍රය කළින් පිටවේ…
අසාධාරණය වලකාලමින් යළි විභාගය පවත්වන ලෙස අපේක්ෂකයින් ඉල්ලයි

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂාක සහකාර තනතුරට බදවා ගැනීම සදහා ඊයේ  (18) පැවති තරග විභාගයේ ප්‍රශ්න පත්‍රය විභාගය පෙර පිටවී තිබේ.

විභාගය ආරම්භ වීමට පෙර, අදාල විභාගය පැවති දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයේ පංති කාමරයක මේසයක් උඩ තිබී අත් අකුරින්- ප්‍රශ්න හා පිළිතුරු ලියූ කඩදාසි කිහිපයක් හමූ වී ඇත.

පසුව සොයා ගෙන ඇත්තේ, මෙම ප්‍රශ්න හා පිළිතුරු එදින සී-4 ශ්‍රේණියේ ආරක්ෂක සහකාර තනතුරට බදවා ගැනීම වෙනුවෙන් පැවති විභාගයේ ප්‍රශ්න හා එක හා සමානව සැසදෙන බවයි. මෙම ප්‍රශ්න පත්‍රය ව්‍යූහගත ප්‍රශ්නාවලියකින් සහ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ලෙස සකසා තිබූ අතර පිළිතුරු ලියූ පසු ප්‍රශ්න පත්‍රය ඒකරාශී කර ගෙන තිබේ.

මෙම විභාගයේ විනිවිදභාවය හා සැබෑ සුදුසුකම් සපුරන පුද්ගලයින්ට මෙම තනතුර සදහා ඇතුළත් වීමේ අයිතිවාසිකම මෙමගින් ඇහිරී ඇති හෙයින්, මෙම විභාගය යළි පවත්වන ලෙස විභාගයට පෙනී සිටි අයදුම්කරුවෝ ඉල්ලා සිටින අතර මේ අතරන් සමහර දෙනෙක් පවසන්නේ මෙම පිටවූ ප්‍රෂණ පත්‍රයට සමාන ප්‍රෂ්ණ පත්‍රයක් ගාල්ල ප්‍රෙද්ශෙය්  අයදුම්කරුවන් සතුව පැවති බවයි.

කෙසේ වෙතත් අසාධාරණයට ලක්වූ අයදුම් කරුවන් පවසන්නේ ගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රභල ඇමතිවරයෙකුගේ ඕනෑ එපාකම් මත තම පාක්්ෂිකයින් බදවා ගැනීමට සැරසෙන බවයි.
දේශපාලන හිතවත්කම් මත බදවා ගැනීම් සිදුකල යුගය අවසන් කර යහපාලනයක් අණ්ඩුවක් බලයට ගෙනාවද රාජපක්ෂ රෙජිමයේ පරණ පුරුදු අත්හල නොහැකි සමහර ඇමතිවරුන් නිසා යහපාලනයද දියවීමට ඇති ඉඩකඩ ඇති බව බොහෝ දෙනා පවසයි

අදාල අත් අකුරින් ලියා තිබූ ප්‍රශ්න පත්‍රය පහත වේ.

13269287_10209793691107921_7802062512597289829_n 13417529_10209793692747962_5953123775017967014_n 13417662_10209793693587983_6132531566441330679_n 13428564_10209793693347977_3539178853557200837_n 13442311_10209793691627934_5125718189774201980_n 13442402_10209793693107971_4848218365152575699_n 13450978_10209793693827989_1536284655417793934_n 13466282_10209793690267900_334821069733805195_n 13466526_10209793692027944_5117089556974277491_n

 

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles