ගංගා හරස් කර ජලාශ හදන්න – රජයට යෝජනා

0
351
People travel on a front loader as they drive through a flooded road in Biyagama, Sri Lanka May 20, 2016. REUTERS/Dinuka Liyanawatte
වර්ෂා කාලවල දී දකුණු පළාතේ සහ, රත්නපුර දිස්ත්‍රික්කයේ වරින් වර ඇති වන ප්‍රබල ගංවතුර ව්‍යසනය වළක්වා ගැනීම සඳහා ප්‍රධාන ගංගා කිහිපයක් හරස් කර ජලාශ ඉදි කළ යුතු බවට වාරිමාර්ග ක්‍ෂේත්‍රයට අදාළ ප්‍රවීණයන් රැසක් රජයට යෝජනා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව නිල්වලා, කළු සහ ගිං යන ප්‍රධාන ගංගා හරස් කර වේලි ඉඳිකිරීමෙන් පසුව ඉහත ජලාශ තැනිය යුතු බව රජයට ඉදිරිපත් කළ යෝජනාවල වැඩිදුරටත් සඳහන්වේ.
මේ පියවර ක්‍රියාත්මක කිරීමේදි ඇතැම් ප්‍රදේශවල ගම්මාන ජලයෙන්   යටවිය හැකි බවද අදාළ සැලසුම් ඉදිරිපත් කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රජයට දැනුම් දී ඇත.
මහවැලි යෝජනා ක්‍රමය ඉදිකිරීමේදී රජ මහා විහාර පහක් ඇතුළුව වෙහෙර විහාර ද පවුල් 30000 කගේ නිවෙස් ද ජලයෙන් යට වුවත්, ඒ ව්‍යාපාරය නිසා රජරට ඇතුළු ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයේ අඩකට පමණ සෙත සැලසුණු බව ඉහත යෝජනාව ඉදිරිපත් කරමින් රජයට කරුණු දැක්වූ වාර්තාවේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here