ගංඟා අටක් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් !

0
447

පවතින වැසි සහිත කාලගුණ තත්වය අනුව දිවයිනේ ප්‍රධාන ගංඟා නවයක් ආශ්‍රිතව ඉදිරි දිනවලදී ගං වතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි, කළු, නිල්වලා, ගිං සහ බෙන්තර යන ගංගා ද්‍රෝණි සහ දැදුරු, මහ, අත්තනගලු සහ කලා යන ඔයවල් ආශ්‍රිතව ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූර්ව ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

මේ වන විට පවතින වැසි තත්වය, ඉදිරි දිනවලදී ඇතිවිය හැකි වර්ෂාපතනයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර ඇති අනතුරු ඇඟවීම් සහ දිවයිනේ ජලාශවල දැනට පවතින ජලධාරිතාවය අනුව මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.

වැසි තත්වය අඛණ්ඩව පැවතියහොත් මෙම ගංගා ආශ්‍රිතව සැලකිය යුතු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here