ගතවුණු මාස 3ට සංචාරකයින් 232,000ක් දිවයිනට ඇවිත්

0
289

සංචාරකයින් 232,089 දෙනෙකු මේ වසරේ ජනවාරි 1 වන දා සිට මාර්තු 15 වන දා දක්වා වන කාලය ඇතුළත දිවයිනට පැමිණ තිබෙනවා.

මාර්තු මාසයේ පළමු දින 15 තුළ පමණක් සංචාරකයින් 53,255 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ජනවාරි සහ පෙබරවාරි මාසවල දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 178,834ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු කියා සිටියේ.

ඉන්දියාවෙන් සංචාරකයින් 35,627ක් රුසියාවෙන් සංචාරකයින් 35,064 දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 23,702ක් දිවයිනට පැමිණ තිබෙන බව ඇය තව දුරටත් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here