Saturday, October 19, 2024

ගත්ත මිරිස්වලටවත් සල්ලි දීලා නෑ. ණය නොගෙවූ ශ්‍රී ලංකාව ගැන ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි

ශ්‍රී ලංකාවෙි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ මිරිස් සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට මිරිස් ආනයනය කරන්නන් පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය වෙළඳුන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් ඉන්දියාවේ මිරිස් වෙළඳපොලේ අර්බුදයක් හටගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන්වේ.

ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රුපියල් කෝටි 250-300කට අධික මුදලක් මෙම සැපයුම්කරවැන්ට ගෙවීමට නියමිතව තිබේ.

නමුත් එම මුදල නොගෙවීමට එරෙහිව පැමිණිලි කරන්නට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නැතැයිද එම ණය මුදල යලි ලබා ගැනීම සඳහා එය බාධාවක් වනු ඇති බවට ඔවුන් බියවීම හේතුවෙන් බවත් එම වාර්තාවේ දැක්වෙයි.

මේ අතර මෙරට ඇති වී තිබෙන ඩොලර් හිගතාවය මත ගල් අඟුරු ආනයනය සීමා වීමේ දැඩි අවදානමක් ඇතිව තිබේ. විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ගල් අඟුරු ආනයනයට බාධා පැමිණීම මත නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිඳ වැටෙනු ඇති බවයි.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර තුනක් ඇති අතර ගල් අඟුරු ආනයනය සීමා වුවහොත් එම ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු පැවසීය. බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා වුවහොත් මෙරට බරපතළ විදුලි අර්බුදයක් හටගනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය. ඩොලර් හිගය සහ ණයවර ලිපි විවෘත නොකිරීම හේතුවෙන් ශ‍්‍රි ලංකාවට ගල් අඟුරු සැපයීමට සැපයුම් කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගත වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles