Sunday, September 22, 2024

ගම්මන්පිලගේ චෝදනා පදනම් විරහිතයි – ජාතික හෙළ උරුමය

උදය ගම්මන්පිල මහතාගේ පාර්ශවයෙන් හා ඒකාබද්ධ විපක්ෂයෙන් ජාතික හෙළ උරුමයට හා  හා පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට චෝදනා එල්ල කිරීමේ කිසිඳු පදනමක් නොමැති බව  ජාතික හෙළ උරුමය පවසයි.

අද පස්වරුවේ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ පිළිබඳව අදහස් දක්වන ලදී.

එහිදී වැඩි දුරටත් දැක් වු අදහස් පහත පරිදි වෙයි,

නිශාන්ත වර්ණසිංහ මහතා  කියා සිටියේ දූෂණ චෝදනා මත අත්අඩංගුවට පත් උදය ගම්මන්පිල මහතාගේ පාර්ශවයෙනුත් ඒකාබද්ධ විපක්ෂයෙනුත් අප පක්ෂයටත් හා පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාටත් දිගින් දිගටම චෝදනා එල්ල කෙරෙනවා. කිසිම පදනමක් නැති සාවද්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරමින් චරිත ඝාතන කරනවා. මෙය චම්පික ඇමතිතුමාගේ දේශපාලන පළිගැනීමක් විදියට සමාජ ගත කිරිමට උත්සහ දරනවා. මෙම අත්අඩංගුවට ගැනීමට අපේ කිසිම සම්බන්ධයක් නෑ. ගම්මන්පිලගේ ව්‍යාපාරික මිතුරන්ම තමයි  ඔහුට විරුද්ධව මේ පැමිණිල්ල සිදුකරලා තියෙන්නේ. ඔහු සමඟ එකට ව්‍යාපාර සිදුකළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික්, ලසිත් පෙරේරා, සිඩ්නි ජයසිංහ, අමිල ජයසිංහ වගේ අය තමයි මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන්නේ.

චම්පික ඇමතිතුමා අල්ලගෙන මේ සිද්ධියට එතුමගේ නම පටලවගෙන මඩ ගහනවා. ගම්මන්පිල දේශපාලන හිරකාරයෙක්ලු. එතකොට බැසිල් රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඒ වගේ අයත් දේශපාලන සිරකරුවෝ කියලා කියන්නේ නැත්තෙ ඇයි? එහෙනම් සී.එස්.එන්. සම්බන්ධයෙන් චෝදනා ලබපු යෝෂිත රාජපක්ෂ රණවිරුවෙක් වෙන්න  ඕන නේද? ඒත් ඒ අවස්ථාවේ රණවිරුවෙක් හිරගත කළා කියලා කවුරුත් කිවුවේ නෑ.  දේශපාලන හිරකරුවෙක් වෙන්නේ දේශපාලන හේතුමත අත්අඩංගුවට ගත්තාමයි. මෙතන තියෙන්නේ මූල්‍ය අපරාධයක්. විදේශකයකුට කරපු වංචාවක්.

හොරුන්ට වංචාකාරයින්ට, අපරාධකාරයින්ට දේශප්‍රේමී සළුපිළි පලන්දලා , දේශපාලන හේතු දක්වා හෝ රට ජාතිය ආගම පෙන්වා ආරක්ෂා වෙන්න පුළුවන් කමක් නෑ. පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර දිසානායක ජුනි 24 වෙනිදා මව්බිම පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදි කියලා තියෙනවා ගම්මන්පිල මීට පෙර සිරගතව සිටිබව ඔප්පු කළොත් තමන් කොන්දේසි විරහිතව ජාතියෙන්ම සමාව ගන්න සූදානම් කියලා. ඉතින් ගම්මන්පිල මීට කලින් හිරේ ගියා කියලා කිව්වේ අපි නෙවෙයි. ඒ ගැන මිට පෙර පැවති මාධ්‍ය හමුවකදී කරුණු හෙලිකලේ ගම්මන්පිලගේ ව්‍යාපාරික මිතුරෙක් වෙච්ච ලසිත් පෙරේරායි. හිරේ හිටපු ගම්මන්පිලට කෑම ඇදලා දීලා තියෙන්නෙත් ඔහුමයි.

ගියවර මාධ්‍ය හමුව පැවැත්වූ මොහොතේ අප මේ සම්බන්ධයෙන් දින වකවානු සහිතව කරුණු ඉදිරිපත් කළා. තාම ජාතියෙන් සමාව ගැනිමක් නම් සිදුවුනේ නෑ. ජාතිය හමුවේ ඇති දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කඩිනමින් මාධ්‍ය සාකච්ඡා තියලා අදහස් දක්වන ගම්මන්පිල පාර්ශවය ජාතියෙන් සමාව ගන්න ප්‍රමාද වෙන්නේ ඇයි? කියලා මෙහිදී ප්‍රශ්න කරන්න වෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් උදය ගම්මන්පිල පළමුවරට සිරගතවූ අවස්ථාවට අදාල නඩු වාර්තා මාධ්‍යයට ඉදිරිපත් කරමින් විමසා සිටියේ එම සිදුවිමත් චම්පික ඇමතිතුමාගේ දේශපාලන පළිගැනීමක් දැයි කියලා ගම්මන්පිල පාර්ශවයෙන් විමසීමට සිදුව ඇතිබවයි.

ගම්මන්පිල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස බටහිර කුමන්ත්‍රණයක් ඇතිබවට ඇතැම් ස්වාමීන් වහන්සේලා කර තිබෙන ප්‍රකාශ පිළිබඳව තම කණගාටුව පලකරන කරන බවත් ගම්මන්පිලගේ මුසාබස් වලට ඇතැම් භික්ෂූන් වහන්සේලාත් මුලාවී ඇතිබවත් මෙහිදී අදහස් දැක්වූ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා ප්‍රකාශ කරන ලදි. මේ වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ මහත්මිය විසින් මේ පසුපස බටහිර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවානම් ගම්මන්පිල මහතාගේ බිරිඳත් දරුවෝත් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නේ කෙසේදැයි? මව ඇමරිකාවේ වාසය කරන්නේ කෙසේදැයි? දැයි විමසා බැලියයුතු බවද කර සිටියාය.

මන්ත්‍රීතුමිය විසින් අදහස් දැක්වීමෙන් පසුව අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ  මහතා විසින් නව මහබැංකු අධිපති පත්වීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලංකාවේ සිදුවූයේ යැයි පැවසෙන යුධ අපරාධ චෝදනා හා හයිබ්‍රිඩ් අධිකරණය ගැන ඵලකර ඇති අදහස් සම්බන්ධවද වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles