Sunday, September 22, 2024

ගම සමඟ පිළිසඳර – ජනපතිගෙන් ජනතා ගැටලුවලට විසඳුම්

‘ගම සමඟ පිළිසඳර’ 03 වැනි අදියර අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරි වසමේදී පැවැත් වුණි.

ඒ තෝරවෙල්කන්ද විද්‍යාලයේදී ය.

එහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට සවන්දුන් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ ග්‍රාමීය පානීය ජල, මහාමාර්ග හා සෞඛ්‍ය අංශවල පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසය.

“හැම තැනකටම ගියාම හැම කෙනෙකුගේම ප්‍රශ්නය වෙලා තියෙන්නේ පානීය ජලය සහ පාරවල්. ඒ නිසා ප්‍රතිපත්තියක් වශයෙන් අපි පාරවල් වෙනුවෙන් සහ ජානීය ජලය වෙනුවෙනුත් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ෆයිනස් වගාව ඉවත් කරලා මෙරටට ආවේනික වූ ශාක සිටුවන්න අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා,” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles