Saturday, September 28, 2024

ගයන්ත කරුණාතිලක රජයේ වාහනයක් හොරෙන් අරන් ගිහින් – මන්ත්‍රී මුසමිමිල්ගෙන් චෝදනාවක්

විපක්ෂ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දී ඇති කේ-වයි 3628 දරණ වාහනය මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා විසින් භාවිතා කරන බැවින් ඒ පිළිබඳ පරීක්ෂනයක් කරන්නැයි මොහොමඞ් මුසම්මිල් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ 2020 සැප්තැම්බර් මාසයේ සිට අදාල වාහනය පාර්ලිමේන්තු වාහන සංචිතයෙන් ගෙන ගොස් මන්ත්‍රීවරයා විසින් පාවිච්චි කරන බවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට වෙන්වු වාහනයක් වුවද මේ දක්වා පාවිච්චි කරමින් සිටින්නේ ගයන්ත කරුණාතිලක මහතා බව පැවසූ මුසම්මිල් මන්ත‍්‍රීවරයා මෙම වාහනයට මසකට රුපියල් එක් ලක්ෂ දාහක් දහසක පමණ ඉන්ධන රජයේ මුදලින් ලබාගෙන ඇති බවත් ටයර් ඇතුළු සෙසු නඩත්තු කටයුතු ද රජයේ වියදමින් සිදුකර ඇති බවත් සදහන් කරයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට වෙන්වූ වාහනයක් වෙනත් මන්ත‍්‍රීවරයෙකුට මෙසේ පාවිච්චි කිරීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම ගයන්ත කරුණාතිලක යන මන්තී‍්‍රවරුන් දෙදෙනාම අදාල චෝදනාව ප‍්‍රතික්ෂේප කළ අතර එය විපක්ෂ කාර්ය මණ්ඩලයට අයත් එකක් යැයි ඔවුහු පැවසූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles