ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

0
314

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේගේ සභාපතීත්වයෙන් ‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කර තිබෙනවා.සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකාය මෙසේයි.

1. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ
2. මහාචාර්ය දයානන්ද බණ්ඩා
3. මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ
4. මහාචාර්ය සුමේධ සිරිවර්ධන
5. එන්.ජී. සුජීව පණ්ඩිතරත්න
6. නීතිඥ ඉරේෂ් සෙනවිරත්න
7. නීතිඥ සංජය මාරඹේ
8. එරන්ද නවරත්න
9. පානි වෑවල
10. මව්ලවි මොහොමඩ් (ගාල්ල උලමා සභාව)
11. කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්
12. කලීල් රහුමාන්
13. අසීස් නිසාර්දීන්
මෙලෙස පත්කරන ලද කාර්ය සාධක බලකායේ කාර්යයන් වන්නේ,

1. ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම.

2. අධිකරණ අමාත්‍යංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන වේ නම්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝජනා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම.

අදාළ කාර්ය සාධක බලකාය අවම වශයෙන් මසකට වරක් වාර්තා ඉදිරිපත් කළ යුතු අතර, එහි අවසන් වාර්තාව 2022 පෙබරවාරි මස 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here