Monday, January 27, 2025

ගල් අඟුරැ හිඟ වෙයි ඩීසල් නැතිවෙයි. බලාගාර 4 ක් නවතී. විදුලිය සැපයීම අර්බුදයක

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් එමගින් උපරිම ධාරිතාවකින් යුතුව විදුලිය නිෂ්පාදනය ගැටළුකාරී වී තිබෙනවා.

විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ මෑතකදී රට පුරා සිදු වූ පැය ගණනාවක හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝල විදුලි උත්පාදන යන්ත‍්‍රයේ ඇතැම් කොටස්වලට දෝෂ හානි සිදු වී ඇති බවයි.

ඇතැම් කොටස් චීනයෙන් ගෙන්වා අලුතෙන් දැමීමට හෝ පෑස්සීමට සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

එළඹෙන සතිය පමණ වන විට එම කටයුතු අවසන් කර ගැනීමට හැකි වනු ඇති බවටද ඔවුන් විස්වාස කරනවා.

නමුත් මෙම බිද වැටීමෙන් හානි සිදුවීම මත දීර්ඝකාලීනව විටින් විට දෝෂ මතුවීමට ඉඩ ඇති නිසා ඒ හේතුවෙන් විදුලි කප්පාදු සිදු වීමට ඉඩ ඇති බවත් ඔවුන් කියා සිටියි.

මේ අතර නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගල්අඟුරු සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම මත ද එහි විදුලි නිෂ්පාදනයට ගැටලූ මතු වෙමින් තිබේ.

දැනට ගල් අඟුරු තොග සතුව ඇත ඉදිරි මාස දෙකකින් පමණ පසු ගල් අඟුරු සපයා ගැනීමද අර්බුදකාරී වී ඇත්තේ මෙරට ඩොලර් අර්බුදය හේතුවෙනි.

වාර්ෂිකව මෙරට විදුලි ඉල්ලූම මෙගොවොට් 250-300 කින් පමණ ඉහළ ගියත් 2006 න් පසු එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි නොකළ නිසා ඉදිරි කාලයේදී අඛණ්ඩව රටට විදුලිය ලබාදීම මහ අවුලක බවද ඔවුහු කියා සිටිති.

දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ දිනකට කපන පැය ගණන තීරණය කිරීම නොව දිනකට විදුලිය ලබාදිය හැකි පැය ගණන තීරණය කිරීම යැයිද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියති.

මෙි අතර කැලණිතිස්ස බලාගාරයේද මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් තාවකාලිකව පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මින් ඉහත දන්වා තිබුණද මේ වනවිට එම ගැටලුව තවත් උග්‍ර අතට පැමිණ තිබෙන බවත් පැයක් නොව පැය කිහිපයක කප්පාදුවකට යාමට සිදුව ඇති බවත් වාර්තාවේ.

ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවීම ඊට හේතුවයි.

මෙි අනුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් කොටසක මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාරයේ මොගොවොට් 60 ක් හා සපුගස්කන්ද මෙගොවොට් 68 ක් වශයෙන් බලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් මේ වනවිට ඉවත්ව ඇත.බලාගාර කිහිපයකටම අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තාවේ.

මෙි අතර දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට ලංවීමට අවසර දුන් බව ශ්‍රීලංකා මහජන අපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නතර කිරීම සහ කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිතවීම ආදී කරුණු සලකා ලබා මෙම අවසර ලබාදුන් බවයි රත්නායක මහතා පැවසුවේ.

විදුලිය කප්පාදු කිරීමට නම් ලංවීම මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අනිවාර්යෙන්ම අවසර ලබගත යුතු බව ද මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා පැවසුවේය.

මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇත.

දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles