Monday, September 23, 2024

ග්වාඩර් පෝට් සිටියට එරෙහි විරෝධතා අඛණ්ඩව

චීන ව්‍යාපෘතියක් ලෙස පකිස්තානයේ ග්වාඩර්හි ඉදිකර ඇති වරාය සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘතියට එරෙහිව යළිත් වරක් විරෝධතා රැල්ලක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ග්වාඩර් සහ තුර්බාත් ප්‍රදේශ ආශ්‍රිතව පැවති මෙම විරෝධතා සදහා මක්රාන්, තුර්බාත් සහ ග්වාඩර් යන ප්‍රදේශවල දහස් ගණන් ජනතාව, විවිධ සංවිධාන සහ දේශපාලන පක්ෂ එක්ව සිටින බවයි.

චීන ආයෝජනයක් ලෙස ඉදිකෙරෙන මෙම වරාය සහ ආශ්‍රිත ව්‍යාපෘතිය හරහා පළාතේ ජනතාවට කිසිදු වාසියක් සැලසී නොමැති බවට විරෝධාතවයට එක්ව සිටි පිරිස මෙහිදී පෙන්වා දුන්හ.

ඔවුහු සදහන් කළේ, මෙම චීන වරාය නගර ව්‍යාපෘතිය හරහා පානීය ජලය හිගවීම, ධීවර කර්මාන්තය බිද වැටීම ආදි ගැටලු රැසක් අලුතින් නිර්මාණය වී ඇති බවයි.

මෙම ව්‍යාපෘති හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ රුකියා විරහිතභාවයට විසදුමක් ලැබෙන බව ප්‍රකාශ කළ ද මේ වනවිට සිදුව ඇත්තේ කලාපයේ රුකියා විරහිතභාවය තවදුරටත් ඉහළයාම බව විරෝධතාකරැවෝ මෙහිදී සදහන් කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles