ග්‍රාම නිලධාරි පුරප්පාඩු 1815 ක්‌ පිරවීමට ළඟදීම සම්මුඛ පරීක්‍ෂණ

0
386

රට පුරා ඇති ග්‍රාම නිලධාරි පුරප්පාඩු 1815 ක්‌ සම්පූර්ණ කිරීම සඳහා ඉදිරියේ දී සම්මුඛ පරීක්‍ෂණ පවත්වා බඳවා ගැනීම් සිදුÊකරන බව ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා 2016 දී තරග විභාගයක්‌ පැවැත්වූ බව ද ඊට සහභාගි වූ 120,000 ක අයෑදුම්කරුවන් අතරින් හාරදහසකට ප්‍රතිඵල නිකුත් කළ බව ද කී ඇමැතිවරයා ඔවුන් සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවන බව කීවේය.

රට පුරා පැවැති ගංවතුර සහ නියඟය නිසා මෙම සම්මුඛ පරීක්‍ෂණ ප්‍රමාද වී ඇතැයි කී ඇමැතිවරයා ඒ සඳහා සම්මුඛ පරීක්‍ෂණ මණ්‌ඩල තිහක්‌ හතළිහක්‌ පත් කර ඇතැයි ද කීවේය.

පුරප්පාඩු වී ඇති වසම්වල ග්‍රාම නිලධාරි තනතුර සඳහා වූ විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් පත්කර ඇතැයි කී ඇමැතිවරයා පුරප්පාඩු පිරවීමත් සමඟ විශ්‍රාමිකයන්ගේ සේවය අහෝසි වී යනු ඇතැයි ද කීවේය. කළුතර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here