ගාල්ලටත් වරාය නගරයක්.අලුතින් හෙක්ටයාර් හතලිහක්.

0
304

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ දිනයේ කටයුතු කරනු ලදි.

ගාල්ල වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකරන බව එම සමුළුව අමතමින් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

මේ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාලු වරායට හිමි වෙයි.

කොළඹ වරාය නගරය මෙන් ගාල්ල ප්‍රදේශයට ද සංචාරක ක්ෂේත්‍රයට අදාළව හෝටල් සහ සාප්පු ඉදිකර දේශීය ආයෝජකයන් මඟින් නව සංවර්ධයක් ඇතිකරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here