Thursday, January 23, 2025

ගාල්ල විද්‍යාලෝක පිරිවෙනට ඇමති වජිර පණ දෙයි.

ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරයේ අභිනවයෙන් ඉදිකළ පුස්තකාලය සහ සංඝාවාස ගොඩනැගිල්ල මේ මස 25 වන දින (අද) ප.ව. 3.00ට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ඇරයුම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සඟසතු කිරීමට නියමිතය.

කාලයක් ඉදි කිරීම් ප්‍රමාද වෙමින් පැවැති විශාල අඩුපාඩුවක් වු මෙම ගෙඩනැගිල්ල පිළිබඳව විද්‍යාලෝක පිරිවෙන් විහාරාධිපති, සිංහල ශබ්ද කෝෂයේ හිටපු කර්තෘ ආචාර්ය අකුරටියේ නන්ද නායක මහා ස්ථවිරයන් වහන්සේ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව කඩිනමින් මෙම පුස්තකාලය සහ සංඝාවාස ගොඩනැගිල්ලෙහි වැඩ කටයුතු අවසන් කිරීමට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මූලික වී ක්‍රියා කළේය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රධාන දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් කැඳවා, පිරිවෙන් විහාරයේ මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා එහි පුස්තකාලය සහිත සංඝාවාසය ඉදි කිරීමේ කටයුතු සඳහා කඩිනමින් මැදිහත් වී එහි කටයුතු ඉක්මනින් අවසන් කිරීමට උපදෙස් දෙන ලදී.

විද්‍යාලෝක පිරිවෙන් විහාරයේ සියලු නවීකරණ කටයුතු සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පුර්ණ දායකත්වය හිමි විය. ඒ අනුව අදාළ ගොඩනැගිල්ලෙහි වහල වැඩ කටයුතු නිම කිරීම සඳහා අමාත්‍යවරයාගේ විමධ්‍යගත මුදලින් රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් පරිත්‍යාග කිරීම සිදුවිය. ඊට අමතරව විහාරස්ථානයේ සම්පුර්ණ තීන්ත ආලේප කිරීම, නවීන ගල් අතුරා මිදුල සැකසීම, විහාරයට යාබද මාර්ග සැකසීම, සමරු ඵලක නිර්මාණය ඇතුළු මෙතෙක් පිරිවෙන් විහාරස්ථානයේ පැවැති අඩුපාඩු රැසක් අමාත්‍යතුමන්ගේ මැදිහත්වීම මත ඉටු කිරීම සිදුකර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විවෘත කිරීමේ උත්සවයේ ද සියලු වැඩ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් හා අධීක්ෂණයෙන් සිදුවීම විශේෂත්වයකි.

ගාල්ලේ සෑම තරාතිරකම පුද්ගලයින් දිවාරාත්‍රී පැමිණෙන කාර්යබහුල විද්‍යාලෝක පිරිවෙන ගිහි – පැවිදි සෑම දෙනාගේම ප්‍රශ්න විසඳන තැනකි. අධ්‍යාපනයට තොතැන්නක් වු මේ පුණ්‍යවන්ත භූමිය ජාතියේ හෙට දවස වෙනුවෙන් එළිය කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දක්වන දායකත්වය අගය කොට සැලකිය යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles