ගාලුරෝහලට ඇතුළත් කරද්දී මිය ගිය රෝගියාටත් කොරෝනා

0
563

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  හදිසි  ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කරනවිට මියගොස් සිටි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල වරාය පොලීසිය පවසයි.
 
ආසාදිත  මියගිය පුද්ගලයා 37 හැවිරිදිවියේ පසුවන ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
මොහු ඊයේ රාත්‍රි (03) උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍යතත්වයට පත්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කොට ඇත. ඒවනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණයේ දි මෙකි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිතය. lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here