Thursday, January 23, 2025

ගාලු කොටු පවුර ප්‍රතිසංස්කරණයට

ගාලු කොටු පවුර ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට  කඩිනමින් සිදුවෙමින් පවතී.ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම සුරැකෙන ආකාරයෙනි.

කොරෝනා ඇවිත් සාමාන්‍ය ජන ජීවිතය අඩාල කළත් නාගරික සංවර්ධන අධිකාරිය මේ මොහොත වනවිටත් තමන්ට පැවරුණු වගකීම අභියෝග මැද ඉටුකරමින් සිටී.

මෙහිදී කොටු පවුර අභ්‍යන්තරයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 3 ක් ක්‍රියාත්මක වන අතර කොටු බැම්ම කඩා වැටුණු තැන් ඇතුළු ගරා වැටුණු සියල්ල සහ අලංකරණ කටයුතු  හා පෘතුගීසි , ලංදේසි , ඉංග්‍රීසි යන කාලවලට අයත් කාලතුවක්කු 36 ක් මෙහි ස්ථාපනය කිරීම ඇතුළු ක්‍රියාවන් මෙම ව්‍යාපෘති වලට ඇතුලත් වේ.

මේ වසර අවසානයේ මෙම ව්‍යාපෘති තුනම අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර මේ සඳහා රුපියල් මිලියන 650 ක මුදලක් වැයකර  ඇතැයි එහි ප්‍රධාන වරලත් වාස්තු විද්‍යාඥ දම්පනී දහනායක මහත්මිය පවසයි.

මෙම කොටු පවුර ලෝක උරුමයක් වන අතර එහි වටිනාකම රැකෙන ආකාරයෙන් සියලු ප්‍රතිසංස්කරණයන් සිදුවන අතර , ඒ සඳහා පතිසංරක්ෂණ විශේෂඥයන් , වරලත් වාස්තු විද්‍යාඥයන් , වරලත් ඉංජිනේරුවන් වැනි ඒ ඒ අංශ සඳහා ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සියල්ල සිදු කරයි.පුහුණු , නුපුහුණු ශ්‍රමිකයන් පවා මෙම ප්‍රවීණයන්ගේ යටතේ පුහුණු පාඨමාලා පවත්වා පුහුණු කිරීමක් සිදු කරයි.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9179298562620056&output=html&h=280&adk=351404207&adf=559036171&pi=t.aa~a.1829417319~i.13~rp.4&w=695&fwrn=4&fwrnh=100&lmt=1634782290&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=8486121613&psa=1&ad_type=text_image&format=695×280&url=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F127-general-news%2F95406-dfgh-dhfjg&flash=0&fwr=0&pra=3&rh=174&rw=694&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiNi4xLjAiLCJ4ODYiLCIiLCI5NC4wLjQ2MDYuODEiLFtdLG51bGwsbnVsbCwiNjQiXQ..&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hdHRlc3RhdGlvbi5hbmRyb2lkLmNvbSIsInN0YXRlIjo3fV0.&dt=1634782310114&bpp=4&bdt=2678&idt=4&shv=r20211013&mjsv=m202110130101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D561f3197f3f2d63d-22d1e94251cc0087%3AT%3D1633745703%3ART%3D1633745703%3AS%3DALNI_MbACWnrVjokWxbayDlhQntWx9RORA&prev_fmts=0x0%2C1010x280%2C695x280&nras=4&correlator=5928933289287&frm=20&pv=1&ga_vid=355128252.1633715188&ga_sid=1634782309&ga_hid=435012614&ga_fc=1&u_tz=330&u_his=1&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&adx=185&ady=1250&biw=1349&bih=568&scr_x=0&scr_y=0&eid=44750884%2C44751036%2C31062525%2C31063139%2C21067496&oid=2&pvsid=2979235996237547&pem=914&ref=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C0%2C0%2C1366%2C568&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&alvm=r20211019&fu=128&bc=31&ifi=4&uci=a!4&btvi=1&fsb=1&xpc=qQIXldjXK9&p=https%3A//www.lankanewsweb.net&dtd=M

මෙහිදී  පැරණි ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කරණ අතර සිමෙන්ති භාවිතයෙන්ද තොරවීම විශේෂත්වයකි.මෙහිදී හුණු , උළු කුඩු ආදිය භාවිතා කරමින් පැරණි ශිල්පය ක්‍රම අනුව කටයුතු සිදු වෙමින් පවතී .

මේ අතර ගාලු කොටු පවුරේ ඉපැරැණි තැපැල් කාර්‍යාලයේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අතර එය යොදාගනිමින් එහි අර්ථය නොවෙනස්වන ආකාරයට ආදර්ශමත් තැපැල් කාර්‍යාලයක් නිමැවෙන අතර,  මෙහි නඩත්තුව පිළිබඳ සලකා බලා අවන්හල් හා නවාතැන් පහසුකම් වැනි අලුත් දෑ එකතු කිරීමට බලාපොරොත්තු වේ.

යුනිස්කෝ ජාතික උරුමයක් වූ ගාලු කොටු පවුර නිසි නඩත්තුවක් නොමැතිව දීර්ඝකාලීන ගරාවැටීමකට ලක්ව තිබූ අතර , මේ මොහොත වනවිට එම ගරා වැටුණු තැන් පිළිසකර කරමින් පවතී. තවත් සති කිහිපයකින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නිමාවනු ඇත. ඉන්පසු එදා දුටු ගාලු කොටු පවුරටත් වඩා අලංකාරවත් ගාලු කොටු පවුරක් අප සියල්ලන්හටම දක්නට ලැබේවි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles