Friday, September 20, 2024

ගැබිණි මවුන් එන්නත් කරන්න යයි

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත එළඹෙන 9වන බදාදා දින සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම එන්නත්කරණය එළඹෙන බදාදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාෂයෙන් ආරම්භ කිරීමට නියමිත අතර එහි සමාරම්භක අවස්ථාව බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් වැළඳීම හේතුවෙන් මේ වන විට මෙරට ගැබිණි මව්වරුන් 8 දෙනෙක් මියගොස් ඇති අතර එම තත්ත්වය වළක්වා ගනිමින් ගැබිණි මව්වරුන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට මේ හරහා අපේක්ෂා කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles