Friday, January 10, 2025

ගැබිණි මාතාවන්ට කොවිඩ් වැළදීම (VIDEO)

ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 දත්ත අනුව නව ජන්ම ළදරුවන් සඳහා කෝවිඩ් 19 බෝවීමේ ප්‍රවණතාවය ඉතා පහළ මට්ටමක පවතින බවත්. එසේ බෝවීමක් සිදු වේ නම් සිදුවිය හැක්කේ දරු ප්‍රසූතියකින් පසුව බව කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කරනවා
ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියා

එමෙන්ම ඉන්දියාව තුළ පවතින තත්ත්වය අනුව සහ ලැබෙන දත්ත අනුව නව ජන්ම දරුවන් සඳහා කොවිඩ් 19 වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවී ඇති බවත් ඒ මහතා සඳහන කළහ.

එමෙන්ම මෙවැනි තත්වයක් ඇතිවුවොත් එම දරුවන් බලා ගැනීම සඳහා සියලු ළදරු රෝහල් තුළ ඇඳන් එකක හෝ දෙකක ළදරු දැඩි සත්කාර ඒකකයක් පවත්වා ගත යුතු බව මෙහිදී සඳහන් කළහ.

ගිය අවුරුද්දේ octomber මාසයේ සිට මේ දක්වා ගර්භණී මාතාවන් දහසක් පමණ pcr පරීක්ෂණය positive වී ඇති බවත්, කාසල් රෝහල තුළ කිසිදු covid 19 අසාදිත වූ ගැබිණි මව්වරුන් මේ වන විට නොමැති බවත් එසේ රෝගීන් හඳුනා ගතහොත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට හෝ මුල්ලේරියා රෝහලට එම රෝගීන් මාරුකර හරින බව කාසල් වීදියේ කාන්තා රෝහල් විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles