ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි තරැණියගේ මෘත ශරීරය සොයා ගැනේ

0
312

ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි 22 හැවිරිදියේ තරුණියගේ මෘත ශරීරයද අද පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

පුද්ගලයින් 11 දෙනෙකුගේ කණ්ඩායමක් ඊයේ පස්වරුවේ ගැරඩි ඇල්ලේ දිය නෑමට ගොස් තිබූ අතර ඉන් 05 දෙනෙකු සැඩ ජල පහරකට හසුවී ගසා ගෙන ගොස් තිබුණා.

ඉන් 04 දෙනෙකුගේ සිරුරු ඊයේ හමුවී තිබූ අතර අතුරුදහන්ව සිටි 22 හැවිරිදි තරුණියගේ සිරුර මෙලෙස සොයාගෙන ඇත.

ඒ අනුව මියගිය පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයෙකු වන බවයි පොලිසිය සදහන් කළේ.

මෘත ශරීර ඇටම්පිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 19 ත් 23 ත් අතර පිරිසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here