ගැසට් පත්‍ර දහයක් ගහන්න වුණත් ජනතාව වෙනුවෙන් ගහනවා

0
304

ගැසට් පත්‍ර දහයක් ගහන්න සිද්ධ වුණත්  ජනතාව වෙනුවෙන් මැදිහත්වන බව පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. එනම් රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එක රජයේ වගකිමක් බව හෙතෙම පෙන්වා දෙයි.

මීරිගමදී පැවති හමුවකට එක්වෙමින් මාධ්‍ය අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඊළග අයවැයෙන් පස්සේ රටේ සංවර්ධනය කොහොමද කරන්නේ ප්‍රදේශයට සංවර්ධනය ගේන්න ඕනෑ කෙසේද කියා මහජන නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත් වීය.

රජය මේ වෙලාවේ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් කළයුතු හොදම දේ . ඒ දේ ඉදිරියටත් ඒ විදියටම හැමවිටම ජනතාව වෙනුවෙන් කරනවා. ආහාර ලබාදීම වෙනුවෙන් හොදම පියවරවල් ගන්නවා. ඒකට ගැසට් පත්‍ර දහයක් ගහන්න වුණත් අපි ඒවා වෙනස් කරලා හරි කරනවා.

කවදා හරි හාල් මිල පාලනය නැතුව ගියා කියා තේරුනොත් ජනතාව වෙනුවෙන් ඒ අවස්ථාවේදීත් රජයක් හැටියට මැදිහත් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here