Monday, January 27, 2025

ගැසට් හතක් රිවස් කරමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

සීනි,ඇට වර්ග, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස්,ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

මීට පෙර රජය මගින් මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදන 07ක් මෙම නව අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අහෝසි කර ඇත. 

ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කර තිබේ.

ඊට අමතරව 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය ද නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව සහල් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩුකර තිබේ. මුදල් අමාත්‍යාංශය පැවසුවේ මාස 6ක කාලයක් සඳහා එය ක්‍රියාත්මක බවයි. මීට පෙර පැවති බද්ද රු:65කි.

ඊට අමතරව බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිල ද ඉවත් වන අතර එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය ද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබීය.

පාළන මිළ ඉවත් කල භාණ්ඩ

1) සීනි,

2) පරිප්පු,

3) කුකුළු මස්,

4) අර්තාපල්

5) සුදු සීනි

6) දුඹුරු සීනි .

7) මයිසූර් පරිප්පු,

8) බී ළූණු

9) ටින් මාළු

10) බඩ ඉරිඟු

11) කුකුළු මස්

12) කරවල,

13) පොල්,

14) වියළි මිරිස්,

15) උම්බලකඩ

16) වියළි හාල් මැස්සන්,

17) මුං ඇට,

18) ආනයනික අර්තාපල්

19) කඩල,

20) තිරිඟු පිටි,

21) ආනයනික කිරිපිටි

නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles