Friday, January 10, 2025

ගෑස් අනතුරු ඉහළ යාම සමිබන්ධයෙන් ලිට්රෝ – ලාෆ්ස් සභාපතිවරුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ සූදානමක්

ගෑස් අනතුරු ඉහළ යාම සම්බන්ධයෙන් ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන්ගෙන් ඉදිරි සතියේ ප්‍රකාශ ලබා ගන්නා බව ජනාධිපතිවරයා පත් කළ ගෑස් අනතුරු පිළිබඳ විශේෂඥ කමිටුව පවසනවා.

එහි සභාපති ශාන්ත වල්පලගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ඔවුන් කමිටුව හමුවට කැඳවා එලෙස ප්‍රකාශ ලබා ගන්නා බවයි.

එමෙන්ම ඉදිරි දින 2 තුළ මූලික විමර්ශන පිළිබඳව කමිටුව මගින් ප්‍රකාශයක් නිකුත් කරන බව ද ඔහු සඳහන් කළා.

ගෑස් අනතුරු පිළිබඳ කමිටුවේ විමර්ශනයට අදාළව මේ වන විට ලිට්‍රෝ සමාගමේ ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.

ආන්දෝලනාත්මක ලෙස මෑතකදී ගෑස් කාන්දුවීමෙන් සිදුවන අනතුරු ඉහළ යාමත් සමග ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ කමිටුව පත් කළේ, පසුගිය 30 වනදායි.

ගෑස් අනතුරුවලට හේතුව සහ ඒවා වළක්වා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරමින් සති 2ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා මෙම කමිටුවට දැනුම් දී ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles