Thursday, January 16, 2025

ගෑස් අර්බුදයත් පාස්කු ප‍්‍රහාරය හා සමානයි

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසන්නේ මේ මතුව ඇති ගෑස් අර්බුදයත් පාස්කු ප‍්‍රහාරය හා සමාන බවයි.

පසුගිය අපේ‍්‍රල් 28 වැනිදා පාරිභෝගික අධිකාරිය ලිට්රෝ සහ ලාෆ් සමාගම් සිය කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට පුරවනු ලැබූ ද්‍රවශීලී ගෑස්වල (එල්. පී.) සංයුතිය වෙනස් කිරීම නිසා පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයිද එනිසා වහාම එම ගෑස් සිලින්ඩර වෙළෙඳපොළෙන් ඉවත් කරගන්නා ලෙස දැනුම් දුන්නද එම දැනුම්දීම් නොසලකා හැරීම නිසා මෙලෙස ගෑස් උදුන් පුපුරා ගොස් ජනතාව තුළ ගෘහස්ථ ගෑස් සම්බන්ධව අනවශ්‍ය බියක් සිදු වුණු බවත් මේ තත්ත්වය රටේ ගෑස් හිඟයක් ඇතිවීමට බලපා ඇති බවත් ඔහු පවසයි.

ගෑස් සමාගම් දෙක ගෘහස්ථ කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක ඇති ප්‍රොපේන්, බියුටේන් සංයුතිය 50:50 ලෙස වෙනස් කිරීම නිසා එහි පීඩනය 65ක් ලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව පරීක්‍ෂණාගාර වාර්තා අනුව ලැබුණු තොරතුරු පදනම් කරගෙන පාරිභෝගික අධිකාරිය මෙම දැනුම්දීම කළ බවද තුෂාන් ගුණවර්ධන සදහන් කරයි.

නමුත් අදාළ ගෑස් සමාගම් දෙක එම දැනුම්දීම නොසලකා හැරිය බවත් වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන සහ පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුද ඒ සම්බන්ධව නිසි පියවර නොගත් නිසාත් රට තුළ මෙම ගෑස් අර්බුදය මතුවීමට හේතුවූ බවත් ඒ මහතා පවසයි.

තොරතුරු වගකිවයුත්තන් නොසලකා හැරීම නිසා පාස්කු ප‍්‍රහාරය සිදු වූයේත් එවැනි ආකාරයෙන් බවත් ගෑස් අර්බුදය ඇති වූයේත් ගෘහස්ථ ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ඇති වූ අනතුරු පිළිබඳව පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම් දෙකට කළ දැනුම් දීම නොසලකා හැරීම නිසා බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles