ගෑස් / තිරිගු පිටි / සිමෙන්ති නව මිල තීරණය හෙට

0
298

ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්ති නව මිල තීරණය කිරීම හෙට සිදුකෙරෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

ගෑස් සමාගම් විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000 කට ආසන්න මුදලකින් ද, සිමෙන්ති සමාගම් රුපියල් 180 ක පමණ මුදලකින් ද, තිරිගු පිටි සමාගම් විසින් කිලෝවක් රුපියල් 20 ක පමණ මුදලකින් ද, මිල ඉහළ දැමීමට ඉල්ලා සිටින බව සඳහන්ය.

එම මිල ගණන්වලට පාරිභෝගික කටයුතු අධිකාරිය එකග නොවීම හමුවේ නව මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම කල්ගිය බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු සඳහන් කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here