ලිට්රෝ සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද එක් ගෑස් නෞකාවකට එහි ඇති ගෑස් ගොඩබෑම සඳහා අවසර ලබා දී ඇත.
දෙවන වරට පැමිණි නෞකාවට මෙලෙස ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බවට වාර්තා වේ.
කොළඹ වරාය වෙත පැමිණි ගෑස් නෞකාවල ඇති ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කළ පාරිභෝගික අධීකාරිය, ඛණිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විසින් එම ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට පවතින බවට අනාවරණය කළ අතර නමුත් “එතිල් මර්කැප්ටන්” නමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොපවතින බවට සඳහන් කර සිටියේය.
මේ හේතුව මත පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරිය විසින් එම නෞකාවල ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබා නොදුන් අතර කෙසේ නමුත්, ඊයේ (17) දිනයේ ඉන් එක් නෞකාවක ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බවට වාර්තා වේ.
ගෑස් කාන්දුවකදී ගඳ වහනය වීමට යොදන ”එතිල් මකැප්ටාන්” රසායනිකය මෙම ගෑස් තොගයේ නියමිත ප්‍රමාණයට නොමැති බවට සදහන් කරමින් පාරිභෝගික අධිකාරිය විසින් මෙම නැව් දෙකෙහි ගෑස් ගොඩබෑම තාවකාලිකව නතර කර තිබුණා. නැවත සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි එම ගෑස් නැව් දෙක මුදාහැරීමට තීරණය කර ඇත්තේ.
අද නිකුත් කිරීමට බලාපොරොත්තු වන කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව තිස් දහසක්. ඊට අමතරව කිලෝ ග්‍රෑම් 37.5 වර්ගයේ ගෑස් සිලින්ඩර් තුන්දහසක් ද අද දින වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.
ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත මුල් කරගනිමින් අද දින ගෑස් නිකුත් කිරීමටයි ලිට්‍රෝ සමාගම තීරණය කර ඇත්තේ. ඒ අනුව එම ගෑස් සිලින්ඩර් ප්‍රමාණයෙන් 90% කොළඹ දිස්ත්‍රික්කයට ද අනිකුත් ප්‍රමාණය කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්වල ද බෙදා හැරීමට නියමිත නියමිත බවද එම සමාගම සඳහන් කළා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල දෛනිකව පරිභෝජනය වන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 85,000 කට ආසන්නයි.
මෙි අතර ලිට්රෝ ගෑස් සමාගම මගින් මෙරටට ගෙන්වූ එක් ගෑස් නෞකාවක ගෑස් තොග මේ වනවිට ගොඩබාමින් සිටින බව එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ මාධ්‍ය වෙතින් ඒ පිළිබඳව කළ විමසීමකදීයි.
“මේ වෙනකොට ගෑස් නැව් 3ක් ලංකාවට ඇවිත් තියෙනවා. ඊයේ ස්ථානීය පරීක්ෂාවකින් පසුව පළවෙනි නැව නිදහස් කළා. ඒගොල්ලන්ට නැව ඇතුළේ පහසුකම් තියෙනවා එතිල් මර්කැප්ටන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. මේ වෙනකොට ඉතිරි නැව් දෙකේ පරීක්ෂණ කටයුතු සිදුවෙනවා. එක නැවක ගෑස් මේ වනවිට ගොඩබාමින් පවතිනවා” යි ඔහු කියනවා.
අදාළ නියමිත ප්‍රමිතිය පිළිබඳ ගැටලු හේතුවෙන් ගොඩබෑම අත්හිටවූ ගෑස් සම්බන්ධයෙන් නැවත තත්ව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර ඇති බව පසුගියදා වාර්තා වුණා.
ඒ ගෑස් සමාගම විසින් ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 6400ක් ඇති නැව් දෙකක ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි තීරණය කරමින් පාරිභෝගික අධිකාරිය ඒවා ගොඩබෑම අත්හිටු පසුයි. මෙම තීරණයත් සමග අදාල නෞකා දෙක මේ වන තුරු උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා තිබුණා. එම ගෑස් තොගය නිදහස් කර ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වුණේ.
ගෑස්වල සුවඳ වහනය වීමට යොදන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට අදාල නෞකා දෙකේ ගෑස්වල අඩංගු වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසුව ගෑස් ගොඩබෑම අත්හිටුවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව පසුගිය 16 දා පස්වරුවේ කළ විමසුමකදී පවසා තිබුණේ අදාල නෞකා දෙකේ ගෑස් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මැදිහත්වීමෙන් පරික්ෂා නොකළ බවයි. තම ආයතනයෙන් සිදු කළේ ආයතනයේ සාමාජිකයෙකු ඒකාබද්ධ විශේෂ තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දැරීම පමණක් බවයි ඔහු කියා තිබුණේ.
මෙි අතර අද (18) සිට සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර පිරවීමේ හා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.