ගෑස් පිපිරීම්වල ලොකු අඩුවක් – දේශබන්දු

0
314

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිත ව සිදු වන කාන්දුවීම් හා පිපිරීම් වල විශාල අඩුවක් දක්නට ලැබෙන බවත් නව ගෑස් සිලින්ඩර ආශ්‍රිත ව එවන් කිසිදු සිදුවීමක් වාර්තා වී නැති බවත් ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

පසුගිය කාලයේ දී දිනපතා ගෑස් ආශ්‍රිත සිදුවීම් හා පිපිරීම් විස්සකට අධික සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වන විට දෛනිකව වාර්තා වන්නේ එවන් සිදුවීම් තුනක් පමණ බවද ඔහු පැවසීය.

තෙන්නකෝන් මහතා ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කමිටුවේ සම සභාපතිවරයා ද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here