Friday, January 10, 2025

ගෑස් පුපුරායාමෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට එරෙහිව පාරිභෝගික අධිකාරිය නඩු පැවරීමෙි සූදානමක් ?

ගෑස් සමාගම්වලට එරෙහිව ඉදිරි දින කීපයේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ආරංචි මාර්ග පවසනවා.
නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට ද නියමිත බවට ආරංචිව ඇත.

ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ උපාංග පිළිබඳව හෝ ඒවායේ නඩත්තුව පිළිබඳව අවශ්‍ය පියවර ගෙන නොමැති නිසා එම සමාගම් වගකීම් පැහැර හැර ඇති බවයි අධිකාරියේ අදහස වී ඇත්තේ.

මෙි අතර මහනුවර , කුණ්ඩසාලේ – නත්තරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ සිද්ධියකින් පිළිසුම් තුවාල ලබා රෝහල්ගතව සිට ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ ඥාතීන් අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩු ගොනු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සිද්ධියෙන් මියගොස් තිබුණේ 51 හැවිරිදි සිව්දරු මවක්. මාතලේ – විල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ තාවකාලික ස්ථානයක පදිංචිව සිට ඇති අතර, එහිදී ගෑස් කාන්දුවක් සිදුවී පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය හෝ කිසිදු වගකිවයුතු ආයතනයක් සොයා බැලීමක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම, කුරුවිට – බටුහේන ප්‍රදේශයේ ද ඊයේ පස්වරුවේ නිවසක ගෑස් ආශ්‍රිතව ඇති වූ සිදුවීමකින් 19 හැවිරිදි තරුණියක් ද තුවාල ලැබුවා.

මේ අතර, ලිට්‍රො ආයතනයට අයත් ගෑස් අඩංගු නෞකාවක් මේ වන විට දිවයිනට ළඟා වී ඇති අතර, නව සංයුතියෙන් යුත් මෙම ගෑස් තොගය අද (13) සිට ගොඩබෑමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles