Sunday, December 29, 2024

ගෑස් මිල අනිවාර්යයෙන් යළි ඉහළට – ලසන්ත

ඉදිරියේදී අනිවාර්යයෙන් ගෑස් මිල යළි ඉහළ දැමීමට සිදුවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ලෝක වෙළදපලේ ගෑස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම ප්‍රධන හේතුව බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුල ගෘහස්ත ගෑස් අලෙවිය සදහා ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙක ඒකාබද්ධ කර “සියොලිට්” නමින් රජයේ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැඩපිළීවෙල අත්හිටුවීමට සිදුව ඇති බව ලසන්ත අලගියවන්න මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ඔහු සදහන් කලේ මෙම ඒකාබද්ධ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මේ වන විටත් ඉල්ලා අස්වී ඇති බවයි.

ඒ අනුව ඉදිරියටත් ලිට්‍රෝ සහ ලාෆ් සමාගම වෙන් වෙන්ව ශ්‍රී ලංකාව තුළ ගෑස් අලෙවිය සිදුකරන බව අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles