Thursday, January 23, 2025

ගෑස් මිල වැඩි කළාට විරැද්ධව කසක්ස්ථානයේ විරෝධතා

එල්.පී. ගෑස් මිල දෙගුණයකින් ඉහළ නැංවීම නිසා කසක්ස්ථානයේ පැන නැගුණු විරෝධතා මර්දනය කිරීමට රුසියානු හමුදාව කැඳවීමට එරට ජනාධිපති කසායම් ටොකයෙව් පසුගිය දා පියවර ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා දුන් ජනාධිපතිවරයා මෙම ප්‍රචන්ඩකාරීන්ට දුටුතැන වෙඩි තබන ලෙස අණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කසක්ස්ථානයේ පැන නැගී ඇති දැවැන්ත විරෝධතා හමුවේ ඇති වූ ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම විරෝධතාවලට සම්බන්ධ පුද්ගලයන් 5,000 කට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන රඳවාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles