ගෑස් ලිප පුපුරයි – හෙල්මට් දමා උයමින් සිටි නිසා බේරුණේ මෙහෙමයි

0
361

පන්නල, හෙත්තිරිප්පුව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පෙරේදා (05) සවස පුපුරාගොස් ඇති අතර එම පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වනවා.

යතුරුපැදි සඳහා භාවිතා කරන ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවයි අනතුරට මුහුණ දුන් ගෘහණිය සඳහන් කළේ.

“මම උදේ කෑම හදමින් හිටියේ. ලිප ඕෆ් කළා, උය උය හිටපු එක මම ඉවත් කළා. ලොකු ශබ්දයක් එක්ක .ගෑස් ලිප පිපිරුනා. ඇඟට කෑලි විසි වුණා. හෙල්මට් එකක් දාගෙන මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට ලොකු කරදරයක් වුණේ නැහැ. හැමතැනම ගෑස් පුපුරනවා කියලා කියනවා. කෑම හදාගන්න වෙන විකල්පයක් නැහැ. ගෑස් විතරමයි භාවිතා කරන්නේ. ඒ නිසා හෙල්මට් එක දාලා වයිසර් එකත් වහලා තමයි කෑම හදන්නේ. ඉතින් අදත් ඒ දේ මම කළා. ශාරීරිකව මොකුත් හානියක් වුණේ නැහැ. මම හැමෝටම ඉල්ලීමක් කරනවා. පුළුවන් මේ දවස්වල කෑම හදන විට මේවගේ එකක් භාවිතා කරන්න.”      

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here