Tuesday, January 14, 2025

ගෑස් සිලින්ඩර හරස් අතට ප්‍රවාහනය නොකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි

තිරස් අතට ගෑස් ප්‍රවාහනය තුලින් එහි ගෑස් සිලින්ඩරයේ ආරක්ෂිත වෑල්වයට හානි විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

”ගෑස් ආශ්‍රීත අනතුරකදී ජනතාව ගිනිගැනීමකට ලක්වෙච්ච ගමන් ඉස්සෙල්ලාම කරන්නේ දුවන එක දුවනකොට ගිනිගැනීම තවත් වැඩි වෙනවා.

හදිසියේ කවුරුම හරි පුද්ගලයෙක් ගිනිගත්තොත් කරන්න අවශ්‍ය මුලින්ම ගෑස් ටැංකි ඇති ප්‍රදේශයෙන් ඉවත්වෙලා බිම පෙරලෙන එක.

ඊළගට දෙවන පියවර තමයි ප්‍රථමාධාරයක් වශයෙන් ගිනිගත් ප්‍රදේශය ගලන වතුරෙන් සෝදන එක. පිළිස්සුන තැන් සියල්ලක්ම ගලන ජලයෙන් විනාඩි 20ක් වත් සෝදන්න අවශ්‍යයි.”

බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වුනා.

ගෑස් ආශ්‍රීත අනතුරකදී ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය ඔහු මෙලෙස පැහැදිලි කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles